යහපත් පරපුරක් හැදීමට මත්ද්‍රව්‍ය බරපතල අභියෝගයක් බවත්, එහිදී උතුරේ තත්ත්වය ඉතාමත්ම ශෝචනීය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ඊයේ (18දා) පැවැති ගාල්ල රිච්මන්ඩ් විදුහලේ 138 වැනි ත්‍යාග ප්රදානෝත්සවය සඳහා එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
"යහපත් පරපුරක් හැදීමට බරපතල අභියෝගයක් වී තිබෙන අපේ රටේ මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්ණයේදී උතුරේ තත්ත්වය ඉතාමත්ම ශෝචනීයයි. ලංකාවේ වැඩිපුරම මධ්‍යසාරවලින් ආණ්ඩුවට සල්ලි දෙන්නේ උතුරේ. ඉන් බාහිරව මත්කුඩු, මත්පෙති වේගයෙන් උතුරේ සමාජය යටපත් කරගෙන යනවා. දකුණේත්, බස්නාහිර පළාත කොළඹ ප්රමුඛව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තිබෙන භයානක තත්ත්වය කුමක්ද කියලා ඔබ දන්නවා.
විද්‍යා දියණියගේ මරණය පිළිබඳ අහලා ඒ වට පිටාවෙන් තොරතුරු ඇහුවම බොහෝ අය කියපු කාරණය තමයි අන්තර්ජාලයෙන් රූපවාහිනියෙන් දකින චිත්‍රපටි, දකින දර්ශන බොහෝ වෙලාවට අත්හදා බලන්න අපේ තරුණ පිරිස් පෙළඹිලා සිටිනවා කියන එක. ඒ අත්හදා බැලීම්වලට යන්න මත්ද්‍රව්‍ය භාවිත කරනවා. මත් කුඩු, මත් පෙති භාවිත කරනවා. අපි දෙමව්පියෝ ගුරු මෑණිවරු සමාජයේ වගකීමක් දරණ සියළු දෙනා, ආගමික වශයෙන් පූජකවරු මේ සියල්ල එක්ක යහපත් රටක, යහපත් දරුවන් එක්ක යහපත් පුවැසියන් හදන්න මේ අභියෝගාත්මක සමාජයේ මහා පුළුල් වගකීමක් ඔබ ඉටු කරද්දී සල්ලිවලට ආදරය කරන ජීවිත ගැන වටිනාකමක් නොදන්න, රුපියල් ශත තමයි ලෝකයේ වටිනාම දේ කියලා සිතන නොසිතන සමාජයේ සුළු පිරිසක් මේ අපේ මහා වැදගත් මිනිස් සමාජය විනාශ කරනවා." යැයි ඔහු පැවැසීය.