ජපන් රජයේ විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා අද (06දා) සවස අරලියගහ මැදුරේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීය.
හෙට (07දා) නිල සංචාරයක් වෙනුවෙන් ශ්රී ලංකාවට පැමිණෙන ජපාන අගමැති ෂින්සෝ අබේ මහතාගේ සංචාරයට පෙරටුව අකාෂි මහතාගේ මෙම හමුව සිදුවුණු අතර, ශ්රී ලංකාවේ සාමය ගොඩනැංවීම, පුනරුත්ථාපන හා ප්රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් ජපාන රජයේ විශේෂ නියෝජිතයෙකු ලෙස හෙතෙම කටයුතු කරයි.
මෙම හමුවේදී ජපාන අගමැතිවරයාගේ සංචාරය මහත් ඉහළින් අගය කළ ජනාධිපතිවරයා පවසා සිටියේ වසර 24කින් පසුව ජපාන අගමැතිවරයෙකු ශ්රී ලංකාවේ සංචාරයක් වෙනුවෙන් පැමිණෙන බවය.