බේරුවල, මොරගල්ල මාරගහ හන්දියේදී අද (01දා) උදෑසන සිදුවූ යතුරුපැදි ගැටුමකින් යතුරුපැදියේ පිටුපස ගමන්ගත් බේරුවල නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී ගාමිණී අල්විස් මහතා එම ස්ථානයේදීම මිය ගියේය.
අනතුරට පත් යතුරුපැදිය පැදවූ නාගරික මන්ත්රීවරයාගේ පුත්රයා බරපතළ තුවාල ලබා කළුතර, නාගොඩ මහරෝහලට ඇතුළත් කරතිබේ. බේරුවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සුනිල් එන්. තන්ත්රීආරච්චි