අනුරාධපුර - පුත්තලම මාර්ගයේ බුලන්කුලම ප්‍ර‘දේශයේදී අද (28දා) සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව අනුරාධපුර පොලීසිය පවසයි.
ලොරි රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර, එහිදී මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ රනොරාව, ගාලදිවුල්වැව පදිංචිව සිටි ස්වේතා ජයකොඩි (අවු32) හා නවෝද්‍යා ජයකොඩි (අවු29) නමැති දෙදෙනාය.
මොවුන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (27දා) සිදු කිරීමට නියමිතය.අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ෂණ සිදුකරයි.