වැල්ලවාය මොණරාගල මාර්ගයේ කුකුල් කොටුව ප්රදේශයේදි මාර්ගය අයිනේ නවතා තිබු ටිපර් රථයක් වැල්ලවාය සිට බුත්තල දෙසට ධාවනය වු යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනිමට නොහැකිව ලොරි රථයේ ගැටි සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන්කල තිදෙනෙකුගෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බුත්තල පොලීසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරින් මියගෝ ඇත්තේ නලින් ඉසුරුතිලක (25), සුජිත් මධුසංඛ (25) යන අය වේ.