සමාජ සාධාරණත්වයෙන් යුත් සමෘද්ධිමත් හා තිරසර සමාජයක් සහිත ලෝකයක් බිහිකිරීමට 2030 වසර වන විට තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රයක් අනුගමනය කරමින් පොදු පිළිවෙතක් වෙත ලෝක ජාතීන් එකඟ වී තිබෙන බවත්, එම අපේක්ෂා සහගත සැලැස්ම සාර්ථකව ක්‍රියාවට නංවා, එයට ජීවය ලබාදීමට පොදු රාජ්‍ය මණ්ඩලීය සියලු රටවල් කැපවිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව අද (18දා) ලන්ඩන් නුවරදී පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශනය සිදුකරමිනි.
එහි ප්‍රධාන දේශනය සිදුකළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟා වීමට අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනැංවීමේදී පොදු සහ පෞද්ගලික සහයෝගීතාවයේ වර්ධනය අතිශයින් වැදගත් බවයි.
සමාජයේ වගකීම් සහගත පිරිසක් ලෙස සිය ව්‍යාපාර කටයුතුවලදී තාක්ෂණික සහ මූල්‍යමය දායකත්වය තුළින් තිරසර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමට දායකවන්නැයිද මෙහිදී සියලු ව්‍යාපාරිකයන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.