තරගකාරී ගෝලීය වටපිටාව තුළ සාපේක්ෂ වාසිය ඇති කිරීම සඳහා සිදුකරනලද මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධනය පෞද්ගලික අංශය විසින් අර්ථාන්විතව තම අවධානයට ගෙන නොමැති බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
පෞද්ගලික අංශයේ සහභාගිත්වය පිළිබඳව පැවති කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ (PIM) සම්මන්ත්‍රණයක් අමතමින් අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
"රාජ්‍ය හා පුද්ගලික අංශයන්හි හවුල්කාරිත්වය /සහභාගීත්වය තුළින් පෞද්ගලික අංශයන්ට ගෝලීය ආර්ථිකය තුළ සාපේක්ෂ වාසිය ලබාගැනීමේ හැකියාව ඇති කරනවා. උදාහරණයක් ලෙස පෞද්ගලික අංශයේ ප්‍රයෝජනය සඳහා රජය විසින් යටිතල පහසුකම් සංවර්ධනය මත ආයෝජනයන් සිදුකරනවා. පෞද්ගලික අංශය මේ අවස්ථාවන්ගෙන් ප්‍රයෝජනය ගෙන ආර්ථික සංවර්ධනය තවදුරටත් වර්ධනය කිරිමට කටයුතු කළ යුතුයි.
එහිදී, පෞද්ගලික අංශයට යටිතල පහසුකම් සංවර්ධනය මත ආයෝජනය කළ නොහැකියි. එය රජයේ කාර්යයක් වෙනවා. රජය විසින් එවැනි ආයෝජන කිරිම මගින් පෞද්ලික අංශයට ප්‍රයෝජන ලබාගත හැකි අවස්ථා නිර්මාණය කරනු ලබනවා. එම කර්තව්‍ය කළ නොහැකි නම් ජාතියක් නඟා සිටුවිය හැකි සාපේක්ෂ වාසිය නැතිව යනවා" යැයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.