නූතන සමාජයේ අභියෝග ජයගත හැකිවන පරිදි නව පාලන ක්‍රමයක් රටට අවශ්‍ය බවත්, යට ගැසූ 'ජනසභා' පනත වහා ක්‍රියාත්මක කළ යුතු බවත්, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික මහතා පැවසීය.
පාලන ක්‍රමය, මැතිවරණ ක්‍රමය ආදිය පිළිබඳව නිවැරදි තීන්දු නොගෙන රට ඉදිරියට යා නොහැකි බවත්, රට එකතැන පල්වීමට ඉඩ නොතැබිය යුතු බවත්, සියලු බුද්ධිමතුන්ගේ වගකීම පූර්ණ දේශපාලන ප්රතිසංස්කරණයක් සඳහා නොබිය ඉදිරිපත් වීම බවත්, චම්පික මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පැවසුවේ මාලනී ඇඳගම මහාචාර්යවරිය විසින් රචිත ශ්‍රී ලංකාවේ ගම්සභා ක්රමයේ ඉතිහාසය නම් කෘතිය නැවත නිකුත් කිරීම වෙනුවෙන් පුස්තකාල ප්‍ර‘ලේඛන මණ්ඩලයේ පැවැති උත්සවයකදීය.
1980 දී අහෝසි කරන ලද ගම්සභා වෙනුවට 1991 දී හඳුන්වා දුන් ප්‍රා‘දේශීය සභා එකී පාලනය කිරීමට අපොහොසත් වූ බවත්, මේ වනවිට ප්‍රාදේශීය සභා ආණ්ඩුවේ සංවර්ධන කොන්ත්‍රාත්කරුවන්ගේ තත්ත්වයට පහත වැටී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මහින්ද චින්තනයෙන් ඉදිරිපත් කළ ජනසභා ක්‍රමය ගම්සභා ක්‍රමය සමාන බවත් එය මේ වනතුරු ක්‍රියාත්මක නොවීම කනගාටුවට කරුණක් බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.