ඖෂධ වර්ග 48ක මිල අඩුකළ බවට සෞඛ්‍ය ඇමතිවරයා මිලියන ගණනින් දැන්වීම් ප්‍රචාරය කර ජනතාව නොමග යවා තිබෙන බවත්, ඖෂධ මිල වැඩිකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඍජුව හා වක්‍රව කටයුතු කරමින් සිටින බවද නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය අද(23) සඳහන් කළේය.
ඖෂධ අලෙවිසැල්වලට ඖෂධවලින් ලබාගත හැකි ලාභය සියයට 13සිට 19 දක්වා වැඩිකිරීමට අමාත්‍යාංශය තීරණයක් ගෙන ඇති බව එම සංගමයේ සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා ප්‍රකාශ කළේය.
මරදාන සී.එස්.ආර් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඖෂධ අලෙවිසැල් ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දමා තිබෙන බවත්, ඒ වෙනුවට තම ලාභය වැඩිකර ගැනීමට අලෙවිසැල් හිමියන්ට අවස්ථාව ලබාදී ඇති බවත්ය.