ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (17දා) සිය 64 වැනි උපන්දිනය සැමරූ අතර, එහිදී ඔහුට තම මව වන හීරාබාගෙන් උපන්දින තෑග්ග ලෙස ඉන්දීය රු.5,001/- ක් හිමිව ඇති බව පැවසෙයි.
95 වැනි වියෙහි පසුවන හීරාබා තමක් කලක් තිස්සෙ එකතු කළ මුදලක් මෙසේ තම පුතු වෙත පිරිනමා ඇති අතර, එම මුදල් ජම්මු හා කාෂ්මීරයේ ගංවතුරින් විපතට පත්වූවන්ට සහන සැලසීඹට යොදා ගන්නා ලෙසත් ඇය මෝදිට පවසා ඇති බව වාර්තා වෙයි.
උපන්දිනයදා අහමෙදාබාද් හි තම මෑණියන් බැහැ දැකීමට ගිය මෝදි ඇගේ දෙපා නමැද ආශිර්වාද ලබාගත් පසු ඇය මෙසේ සිය පුතු වෙත උපන්දින ත්‍යාගය ලබාදී තිබේ.
මේ අතර, ජපාන අගමැති ෂින්සෝ අබේ දුරකථනයෙන් අමතා මෝදි වෙත සුබ පැතුම් එකතු කොට ඇති බවද වාර්තා වෙයි.