අදට යෙදෙන ජාත්‍යන්තර යෝගා දිනය සැමරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටයුතු කළේය.
ඒ අනුව, දහස් ගණනක් වූ ජනතාව සමග ඉන්දියාවේ නව දිල්ලි නුවර එළිමහන් භූමියකදී අග්‍රමාත්‍යවරයා විවිධ යෝග අභ්‍යාසවල නිරත වන ආකාරය දැකිය හැකි විය.
මෙම යෝගා වැඩමුළුව සඳහා පාසල් සිසුන්, රජයේ සේවකයන් මෙන්ම, හමුදා සොල්දාදුවන්ද සහභාගි වී සිටි අතර, ඉන්දීය මාධ්‍යයට අනුව 35,000ක පමණ පිරිසක් ඒ අතර වූහ.
ඉරිදා උදෑසන පැවති මෙම වැඩසටහන වෙනුවෙන් නගරයේ ආරක්ෂාව තර කර තිබුණු බවද ඉන්දීය මාධ්‍ය පවසයි.
මේ ආකාරයෙන්ම ඉන්දියාව පුරා මිලියන ගණනක් ජනතාව ජාත්‍යන්තර යෝගා දිනය සමරා තිබුණි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජුනි 21 වැනිදා ජාත්‍යන්තර යෝග දිනය ලෙස නම් කර ඇති අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යෝග ලෝලියෙකු බවද ඉන්දීය මාධ්‍ය පවසයි.