ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පාර අතු ගෑමට ගිය දර්ශනයක් දක්නට ලැබුණු බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.
ඉන්දීය නිදහස් සටනේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධි තුමාගේ ජන්ම දිනය සැමරීම වෙනුවෙන් ජාතික මට්ටමින් සංවිධානය කරන ලද පවිත්‍රතා ව්‍යාපාරයක් දියත් කරමින් මෝදි මෙසේ පාර අතුගෑමට පැමිණ තිබේ.
මහත්මා ගාන්ධි ජන්ම දිනය ඉන්දියාවේ රජයේ නිවාඩු දිනයක් වන අතර, මෙවර මෝදිගේ අගමැති ධුරය යටතේ එම දිනයට විශේෂ සැලකිල්ලක් ලැබී තිබුණු බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.
ඒ අනුව, දස දහස් ගණන් පාසල් දරුවන්, පිරිසුදු කිරීමේ සේවකයන් සහ කාර්යාල සේවකයන් එම ව්‍යාපාරය වෙනුවෙන් යොදාගෙන තිබුණි..
එහිදී, අග්‍රාමාත්‍යවරයාද දිල්ලි අගනුවර දිළිඳු පවුල් ජීවත් වන පෙදෙසක මාර්ගයක් පිරිසුදු කිරීමට එකතු වී තිබේ. අගමැතිවරයා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ 2019 වනවිට ඉන්දියාව කුණු කසලවලින් තොර රටක් බවට පත් කිරීමට සහ සෑම නිවසකටම වැසිකිළි පහසුකම් සපයා දීමට කටයුතු කරන බවයි.