ඉන්දියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි සිය ප්‍රථම විදෙස් සංචාරය ලෙස භූතානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් පුවත් සේවා පවසයි.
දකුණු ආසියානු කලාපයේ අසල්වාසී රටවල් අතරින් තම ප්‍රථම නිල සංචාරය සඳහා නරේන්ද්‍ර මෝදි මෙසේ භූතානය තෝරාගෙන ඇති අතර, එය කවුරුත් බලාපොරොත්තු වූ පාකිස්තානය හෝ ශ්‍රී ලංකාව නොවන බව ඉන්දිය මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත් කලාපයේ චීන බලපෑම් කෙසේද යන්න සොයා බැලීම ඔහුගේ මෙම භූතාන සංචාරයේ අරමුණ බව කියැවෙයි.
මෙම සංචාරයට පෙර විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය අගමැතිවරයා පවසන්නේ ඉන්දියාව හා භූතානය අතර ඔවුන්ට පමණක් ආවේණික වූ විශේෂිත සබැඳියාවක් පවතින බවයි.
අගමැති මෝදි ඉන්දියාවට අවශ්‍ය පරිසර හිතකාමී බලශක්තිය සපයා ගැනීම සඳහා දෙරටේ සහයෝගය ඇතිව භූතානයේ ජල විදුලි උත්පාදනය වර්ධනය කිරීම පිළිබඳව භූතාන අගමැති ශරින් ටෝබ්ගේ සමග සාකච්ඡා කිරීමට නියමිත බවද විදෙස් පුවත් සේවා පවසයි.