ඉන්දියාව හා චීනය අතර ආර්ථික සහයෝගීතාව වඩා වර්ධනය කරගැනීමේ අරමුණින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ තුන් දින චීන සංචාරය ඇරඹෙයි.
මුලින්ම චීන ජනපති ෂී ජින්ග්පින්ග් හමුවන නරේන්ද්‍ර මෝදි පසුව බීජිං හා ෂැංහයි නගරවල සංචාරය කිරීමට නියමිතය.
ලෝකයේ වැඩිම ජනගහනයක් ජීවත් වන රාජ්‍යයන් හි නායක දෙපළ ඇ.ඩො.බිලියන ගණනක් වටිනා ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමටද සූදානමින් සිටියි.
කෙසේ වෙතත්, දෙරටේ දේශසීමා සම්බන්ධයෙන් වසර ගණනාවක සිට ඉන්දියාව හා චීනය අතර මතභේදකාරී තත්ත්වයක්ද පැවතිණි.
මෙවර චීන සංචාරයේදී වඩාත් පුළුල් හා ක්ෂේත්‍ර රැසක ආර්ථික සහයෝගීතාවක් චීනය සමග ඇතිකර ගැනීමේ පදනම දැමිය හැකි බවට තමන් විශ්වාස කරන්නේ යැයි නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා අවධාරණය කළේය.