ඉන්දීය මහ මැතිවරණයේ කැපී පෙනෙන ජයග්රහණයක් වාර්තා කළ භාරතීය ජනතා පක්ෂයට දෙමළ ජාතික සන්ධානය සුබ පැතුම් එක්කර තිබේ. උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේශ්වරන් සඳහන් කරන්නේ නව රජය යටතේ ශ්රී ලංකාවේ දමිල ජනයා වෙනුවෙන් සාධාරණත්වය ඉටුකිරීම සඳහා ප්රතිපත්ති මාලාවක් ස්ථාපිත කරනු ඇතැයි විස්වාශ කරන බවයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී එම්. සුමන්තිරන් සඳහන් කරන්නේ නව රජයත් සමග ඒකාබද්ධව වැඩ කිරිමට සූදානම් බවයි.
එසේම ශ්රී ලංකාවේ දමිල ජනායා වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනපතිවරයගෙන් පොරොන්දුවක් ලබාගන්නා ලෙසත් දෙමල ජාතික සන්ධානය නව රජයෙන් ඉල්ලා තිබෙන බවත් සඳහන් වෙයි.
'ද හින්දු' ඇසුරෙනි