ශ්‍රී ලංකා හමුදාවන්ට අවි ආයුධ ලබා දීම හරහා දමිළ ජනාතව සමූහ ඝාතනය කිරීමට වර්තමාන පාලක පක්ෂය වන කොංග්රස් පක්ෂය කටයුතු කළ බව එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහ ලෙකම් වයිකෝ සඳහන් කරයි.
කෙසේ නමුත් නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය බලයට පැමිණිය හොත් දෙමළ ජනතාව පාවදීමට කටයුතු නොකරන බවත් ඔහු පිවසයි.
ඉන්දීය මහ මැතිවරණයට සමගාමිව පවැති ප්රචාරක රැළියක් අමතමින් වයිකෝ ඉහත අදහස් ප්‍රකාශ කළ බව හින්දු පුවත් සේවය සඳහන් කළේය.
"මම සහතික වෙනවා ඔහු දමිළ ජනතාව පාවාදෙන්නේ නෑ කියලා" යැයි වයිකෝ පවසයි.