මෙවර ඉන්දිය මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය වෙත දශක තුනකින් පසු දැවැන්ත ජයග්‍රහණයක් උරුමකර දුන් නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීම බොහෝ විට ලබන 21 වැනිදා, විශාල ජනකායක් ඉදිරියේ සිදුවනු අති බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.
භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පවසා සිටින පරිදි ඉන්දීය ජනාධිපති නිල නිවෙස වන රාශ්ට්‍රපති භවන්හි එළිමහනේ විශාල පිරිසක් ඉදිරියේ සිය දිවුරුම්දීම සිදුකිරීම මෝඩිගේ කැමැත්ත වී තිබේ.
ඒ අනුව, නව අගමැතිවරයා දිවුරුම්දීම මේ සතියේ, බොහෝ විට ලබන 21 වැනිදා සිදුවනු ඇති බවද එම මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.
රාශ්ට්‍රපති භවන් ඉදිරිපිට විවෘත භූමියෙහි පැවැත්වීමට නියමිත දිවුරුම් දීමේ උත්සවය සඳහා ආරාධිතයන් 3,000ක් පමණ සහභාගි වනු ඇති බව කියැවෙයි.
ඒ ආරාධිතයන් අතර, දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරු වන රැජිනිකාන්ත් හා ඉලයතලාපති විජෙයිද සිටින බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.
මෙම දිවුරුම්දීම හරහා රාශ්ට්‍රපති භවන්හි එළිමහනේ දිවුරුම් දෙන තුන්වැනි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බවට නරෙන්ද්‍ර මෝඩි පත්වනු ඇති අතර, මීට පෙර ඉන්දීය අගමැති ධුරයන් දැරූ චන්ද්රෂේඛර් හා අතාල් බිහාරි වජ්පායි මෙසේ එළිමහනේ දිවුරුම් දී ඇත.
වසර 10ක අගමැති ධුර කාලයකින් පසු නික්මයන හිටපු ඉන්දීය අමැති මන්හෝමන් සිං, 2004 සහ 2009 වසරවලදී එරට අග්‍රමාත්‍යවරයා ලෙස දිවුරුම්දී තිබුනේ රාශ්ට්‍රපති භවන්හි ඩර්බා ශාලාවේදීය. එහි අසුන්ගැනීමට අවස්ථාව පැවතියේ ආරාධිතයන් 450කට පමණි.