පලෙයි, මුහමාලේ ප්රදේශයේදී මෝටාර් උණ්ඩයක් පුපුරා යෑමෙන් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (25දා) මුහමාලේ කැලෑ ප්රදේශයට දර කැඩීමට හා යුධ සමයේ අබලි යකඩ කොටස් එකතු කිරීමට ගිය කාන්තාවන් දෙදෙනෙකු මෙසේ තුවාල ලබා ඇත.
අබලි යකඩ කොටස් යකඩ ලෙසට විකිණීම සඳහා සූදානම් කොට පිරිසිදු කිරීමේදී පුපරා නොගිය මෝටාර් උණ්ඩයක් පිපිරීමෙන් තුවාල ලබා තිබේ. බරපතල තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කර තිබේ.