බණ්ඩාරගම බොල්ගොඩ ප්රදේශයේදී මෝටර් රථයක ගැටීමෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා ඊයේ රාත්රියේ සිය රාජකාරි යතුරුපැදියෙන් මාර්ගයේ ගමන් කරමින් සිටින අතරතුර මෙම අනතුර සිදුව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ හම්බන්තොට වරායේ නිළධාරියකු බණ්ඩාරගම පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.