ත්‍රිකුණාමලය මොරවැව ගුවන් හමුදා කඳවුරේ අද (07ද) පස්වරුවේ සිදු වූ පිපිරීමකින් ආධුනික යුධ හමුදා භටයන් හතර දෙනෙකු තුවාල ලබා ත්‍රිකුණාමලය මහා රෝහලට ඇතුළත් කළ බව යුද හමුදාව පවසයි.
ගෝමරන්කඩවල තාවුල්ල වැව යුද හමුදා පුහුණු පාසලේ ආධුනික භට පිරිසක් ගුවන් හමුදා කඳවුරේ පුහුණුව ලබද්දී අත්වැරදීමකින් අත්බෝම්බයක් පිපිරීමෙන් මෙසේ තුවාල ලබා ඇති බව යුද හමුදාව පැවසිය.
තුවාල ලැබූ ආධුනික සෙබළුන් හතරදෙනාගෙන් එක් භටයෙකුගේ තත්ත්වය තරමක් බරතපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ත්‍රිකුණාමලය නේත්‍රාංජලී අමරජීව