මොරටුවට කුඩු බෙදූ අප්පු අත්අඩංගුවට
- 25 06 2014
- 13:52
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික මනෝජ්
මොරටුව සහ අවට ප්‍රදේශවල හෙරොයින් බෙදාහරින සහ විවිධ මංකොල්ලකෑම් රැසක් සිදුකළ අප්පු නම් පුද්ගලයෙකු මොරටුව කටුබැද්ද ප්‍රදේශයේදී ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු ළඟ තිබී හොරොයින් මිලිග්‍රෑම් 660ක් රන් භාණ්ඩ, විදේශ මුදල්, මොරටුව විශ්වවිද්‍යාලීය නේවාසිකාගාරවල සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සොරාගන්නා ලද මුදල් සහ ජංගම දුරකථන පොලීසියට සොයාගැනීමට හැකි වී ඇත.
මෙම භාණ්ඩ සහ මුදල්වල වටිනාකම ලක්ෂ 19ක් ඉක්මවා යන බව ගල්කිස්ස පොලීසිය පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
