මොරටුව කොරළවැල්ල වාලුකාරාම විහාරස්ථානය ඉදිරිපිට ආන්යාගමිකයෙකු විසින් විවෘත කිරීමට නියමිතව තිබූ ගවමස් වෙළෙඳ සැල විවෘත නොකරන ලෙස මොරටුව පොලීසිය නියෝග කර ඇත.
එළැඹෙන 21 වැනිදා මෙම ගවමස් කඩය විවෘත කිරීමට නියමිතව තිබූ අතර, කොරළවැල්ල ප්රදේශයේ ගම්වාසීන්, වෙළෙඳ සැල් හිමියන් මෙන්ම විහාරාධිපති නැහින්නේ ආරියඥාන හිමියෝ එක්ව මොරටුව පොලීසිය ඉදිරිපිට අද (18දා) විරෝධතාවක නිරත වූහ.
එම විරෝධතාවයෙන් පසුව ගවමස් කඩය විවෘත නොකරන ලෙස පොලීසිය අදාළ පුද්ගලයාට දැනුම් දුන්බව ආරියඥාන හිමියෝ සඳහන් කළහ.