මොරටුව මහේස්ත්රාත් අධිකරණය අසල අද (20දා) ත්රී‘රෝද රථයෙන් පැමිණි පිරිසක් තරුණයෙකුට තියුණු ආයුධ වලින් පහරදී කපා කොටා දැමීම හේතුවෙන් බරපතල තුවාල ලැආ කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව මොරටුව පොලීසිය පවසයි.
මෙසේ පහරකෑමට ලක්ව තුවාල සිදුව ඇත්තේ අඟුලාන ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකි. තම මවගේ මත්කුඩු ජාවාරමට අදාළව පොලීසිය විසින් පවරන ලද නඩුවකට අදාළව මොරටුව මහේස්ත්රාත් අධිකරණයේ පැවති නඩු විභාගයකදී තම මව බැලීමට පැමිණි අවස්ථාවේ මෙම පිරිස අධිකරණය අසලදී තරුණයාට පහරදී කපා කොටා තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසයි.