මොරගහකන්දේ නව පදිංචිකරුවන් සඳහා හඳුන්වාදුන්ලූනු වගා සාර්ථක වී ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කියයි.
මොරගහකන්ද ජලාශය ඉදිකිරීම හේතුවෙන් අවතැන් පිරිස් පදිංචි වී සිටින තෝරපිටිය ප්‍රදේශයේ මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කර තිබේ.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් සපයන ලද බීජ වගාකරමින් එක් ගොවි පවුලක් සඳහා අක්කර කාල බැගින් කොටස් හැටක ප්‍රමාණයක් පර්යේෂණ වගාවක් ලෙසින් සිදුකර තිබේ.
වර්ෂා ජලය කළමනාකරණය මෙන්ම අඩු ජලය යෙදීම් ආදී කරුණු සැලකිල්ලට ගනිමින් නව ව්‍යාපෘතිය මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය හා ඒකාබද්ධව සිදුකර තිබේ.
තමන්ට අවශ්‍ය බීජ ගොවීන් විසින්ම සකසාගෙන පසුව භාවිතයට ගැනීම මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණකි.
අක්කර කාලක එක් ආදර්ශ වගාවකින් ලූනු කිලෝ 3500 - 4000 අතර අස්වැන්නක් ලැබී ඇති බව මහවැලි අධිකාරිය කියයි.
නේවාසික ව්‍යාපාර කළමනාකාර හේමන්ත ජයසිංහ,මොරගහකන්ද ව්‍යාපෘති අධ්යක්ෂ ආර්.බී.තේන්නකෝන්,මුදල් කළමනාකරු සනත් වෙලගෙදර, ක්ෂේත්‍ර නිලධාරී සුරේෂ් යන මහත්වරුන් විසින් මෙම වැඩසටහන සඳහා මාර්ගෝපදේශනය හා සම්පත් දායකත්වය සපයා ඇත.
නාඋල - ඉන්දික අරුණ කුමාර