මොරගහකන්ද ජලාශයේ රැස්කර තිබූ අක්කර අඩි එක්ලක්ෂ තිස්දාහක ජල ධාරිතාවෙන් මේ වන විට අක්කර අඩි පනස් දහසක් ගොවි කටයුතු සඳහා මුදා හැර ඇතැයි එහි ව්‍යාපෘති කාර්යාලය පවසයි.
මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ සහ පරාක්‍රම සමුද්‍රය ආදී ජලාශ හතර වෙත මුදාහැර ඇති ජලය හේතුවෙන් ප්‍රදේශවල වගාවන් ආරක්ෂා කර ගැනීමට හැකිවී ඇතැයි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී.ජී. දයානන්ද මහතා සඳහන් කළේය.
මීට අමතරව මිරිදිය මත්ස්‍ය වගා කටයුතු ද මොරගකන්ද ජලාශයේ සිදු වන අතර ඉදිරියේදීත් ගොවි ජනතාවගේ අවශ්‍යතා ජලය මුදා හැරීමේ කටයුතු සිදු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි දයානන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
නාඋල - ඉන්දික අරුණ කුමාර