මෙරට ක්‍රියාත්මක වන විශාලතම බහුකාර්ය වාරි ව්‍යාපෘතිය ලෙස සැලකෙන මොරගහකන්ද-කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ මහවේල්ලේ නිදන් වස්තු තැන්පත් කිරීමේ උත්සවය අද (25දා) පෙරවරු 9.30ට යෙදෙන සුබ නැකතෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කරනු ලබන මෙම ව්‍යාපෘතිය විවෘත කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහභාගී වීමට නියමිතය.
මෛත්‍රිපාල සිරිසේන මහතා එවක කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යවරයා ලෙස සිටි සමයේ 2007 වසරේදී මුල්ගල තබා ඇති මෙම ව්‍යාපාතියේ ඉදිකිරීම් කටයුතු අරඹා ඇත්තේ 2012 වසරේදීය.
ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 15,000ක් වැයවෙතැයි ගණන් බලා තිබෙන අතර, එමගින් උතුරුමැද, වයඹ, නැගෙනහිර පළාත්වල අලුත් ඉඩම් අක්කර ලක්ෂ තුනක් අස්වැද්දීමට සහ එම පළාත්වල පානීය ජල අවශ්‍යතා සැපයීමට නියමිතය.
මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ පරාක්‍රම සමුද්‍රය මෙන් හයගුණයක විශාලත්වයෙන් යුත් ජලාශ දෙකක් ඉදිකොට මෙගාවොට් 25ක ජලවිදුලියක් නිෂ්පාදනය කිරීම රජයේ ඉලක්කය වී තිබේ.
මාස හතරකින් පමණ මෙම ව්‍යාපෘතියට ජලය පිරවීමට නියමිතය.