පසුගිය පළාත් සභා මැතිවරණ සමයේදි මොණරාගල, හුලන්දාව ප්රදේශයේදි මැතිවරණ කාර්යාල දෙකකට හා මදුරකැටිය ප්රදේශයේ මැතිවරණ කාර්යාලයකට අලාභ හානා සිදුකර වෙඩි තැබීමේ සිද්ධියක් සමිබන්ධයෙන් මොණරාගල ප්රා දේශීය සභාවේ හිටපු සභාපති ආර්.එම්. රණවීර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධියට අදාළව මීට පෙරදී සැකකරුවන් තිදෙනෙකු මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පසුව ඔවුහු ඇපමත නිදහස්ව සිටිති. හිටපු සභාපතිවරයා මොනරාගල පොලීසියට ඉදිරිපත් වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (25දා) මොනරාගල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය කියයි.