අවි අත දරන්නන් කරන ප්රචණ්ඩ ක්රියා මැඬලීමට නිල ඇඳුම ප්රමාණවත් නෑ
ඩබ්ලිව්.පී. අංක සහිත ඩිපෙන්ඩර් රථවලින් අවි ආයුධ සන්නද්ධව ගමන් ගන්නා පිරිස් මොනරාගල දිස්ත්රික්කය තුළ භීෂණකාරී තත්ත්වය ඇතිකර තිබුණත් ප්රචණ්ඩ ක්රියා මැඬපැවැත්වීමට සිටින බොහෝ පොලිස් නිලධාරීන්ට අහසට වෙඩි තබා මැර පිරිස් බියගැන්වීමට හෝ තුවක්කුවක් නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.සිදුකරන ප්රචණ්ඩ ක්රියා නිල ඇඳුමක් ඇද සිටියා කියා පාලනය කළ නොහැකි බවත්, මේ නිසා අහසට වෙඩි තබා හෝ මැර පිරිස් පාලනය කිරීමට මැතිවරණ රාජකාරී කටයුතු කරන සියලුම පොලිස් නිලධාරීන්ට අවි ආයුධ ලබාදෙන ලෙසත් එම සංවිධාන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.
එසේ සිදුකිරීමට නොහැකිනම් මොනරාගල දිස්ත්රික්කයට විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදෙන ලෙසද පැෆරල් සංවිධානය ඉල්ලා සිටියි.