සිය ෆේස් බුක් ගිණුම්හි මිලියනයක අනුගාමිකයින් එසේත් නොමැතිනම් මිලියනක ජනතාවක් කැමත්ත ප්රකාශ කළ (LIKE) ශ්රී ලංකාවේ පළමු දේශපාලඥයින් දෙදෙනා බවට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පත්ව ඇති බව වාර්තා වෙනවා.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුමට 1 002 154 ක පිරිසක් කැමැත්ත ප්රකාශ කර තිබෙන අතර ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ගිණුමට 1 000 614 ක පිරිසක් සිය කැමැත්ත ප්රකාශ කර තිබෙනවා.
ජනපති මෛත්රිපාල සිරිසේන මහතා පොදු අපෙක්ෂක බවට පත්වීමෙන් පසුව ඔහුගේ ෆේස් බුක් ගිණුමට බොහෝ පිරිසක් කැමැත්ත ප්රකාශ කළ අතර එහිදී ඔහු පසුගිය මාස කිහිපයේදීම හිටපු ජනපතිවරයා අබිබවා සිටියේය.
කෙසේ වෙතත් මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුමට ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ෆේස්බුක් ගිණුමට වඩා වැඩි පිරිසක් කැමැත්ත ප්රකාශ කර තිබෙනවා.