දකුණු පළාත් සභා මන්ත්රීවරයෙකු වන මෛත්රී ගුණරත්න මහතාට අයත් අහංගම කතළුවේ පිහිටි හෝටලයේ නාන තටාකයට ඊයේ (09දා) රාත්රීයේදී කිඹුලෙකු පැමිණ තිබේ.
කොග්ගල කලපුවේ මෝය කට සමීපයේ මුහුදට යාබදව මෙම හෝටලය පිහිටා ඇති අතර, කොග්ගල කලපුවේ සිට කිඹුලා නාන තටාකයට පැමිණෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම කිඹුලා අද (10දා) උදෑසන අටට පමණ නාන තටාකයෙන් එළියට පැන, ඒ අසල පිහිටි කලපුවට පලාගිය බව එම හෝටලයේ සේවකයෝ පැවසූහ.