වදුරඹ නගරයේ දී අද (17දා) පැවැත්වීමට නියමිතව තිබූ පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්රචාරක රැළියක සැරසිළි කඩා දමා ගිනි තබා ශබ්ද විකාශන යන්ත්‍රවලට ද හානිකර ඇතැයි පොලීසිය කියයි.
මෙලෙස හානිකර ඇත්තේ ඩිෆෙන්ඩර රථ දෙකකින් පැමිණි පිරිසක් බවට පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
බද්දේගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර පේ‍්‍රමලාල් ලියනගේ මහතා පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ ශබ්ද විකාශන යන්ත්‍ර සවිකරමින් සිටි තිදෙනකු ආගිය අතක් සොයාගත නොහැකි බවයි.
ඔවුන් ශබ්ද විකාශන යන්ත්‍ර රැගෙන ආ වාහනයට ද ගිනි තැබීමට උත්සාහ ගෙන ඇතත් එයට හානි සිදුව නැතැයිද වේදිකාවේ සැරසිළි කඩා දමා පෙට්‍රල් දමා ගිනි තබා ඇතැයිද පොලිසිය පවසයි.