ජනපතිවරණය සඳහා පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා ඇප මුදල් තැනපත් කිරීම රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී සිදුවිය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් මෛත්රීපාල සිරිසේන මහතා ජනපතිවරණයට තරග කරන අතර ලකුණ වන්නේ හංසයායි.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී විජේදාස රාජපක්ෂ මහතා ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළේය.
මීට ඉහතදී අපේ ජාතික පෙරමුණ යටතේ මැතිවරණයඩ ඉදිරිපත් වීමට යෝජනා වී තිබුණත් එහි සලකුණ වශයෙන් පරවියා යොදා ගැනීමට කටයුතු කිරීමේදී ඇතිවූ නීතිමය ප්රශ්නයක් හේතුවෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට මෛත්රී පාර්ශ්වය තීරණය කර තිබේ.