ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයත් උතුරෙන් හා නැගෙනහිරින් හමුදාව ඉවත්කිරීමට අකමැත්ලක් දක්වන බව ඇමෙරිකාවේ ඔක්ලෑන්ඩ් විශ්ව විද්‍යාලය කළ සමීක්ෂණයකින් හෙළිව තිබෙන බව හින්දු පුවත් සේවය සඳහන් කරයි.
එසේම එම පළාත් හි සිවිල් පරිපාලනක් ගෙන ඒම සඳහා ක්‍රියාමාර්ග ගෙන නැති බවත් එම සමීක්ෂණ වාර්තාවේ සඳහන් බව හින්දු පුවත්පත කියයි.
දෙමළ දේශපාලන සිරකරුවන් නිචහස් කිරීම උතුරේ හා නැගෙනහිර ඉඩම් එහි මුල් පදිංචිකරුවන් සඳහා ලබාදීමට නිශ්චිත යාන්ත්‍රණයක් නැති බවත් ඒ සඳහා කාලසීමාවක්ද ඉදිරිපත් කර නැති බවත් වාර්තාවේ සඳහන් බව හින්දු පුවත් සේවය සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම සමීක්ෂණය ශ්‍රී ලංකා රජයත් හා එක්ව සිදුනොකළ බව එම ආයතනය සඳහන් කරන බවත් හින්දු පුවත් සේවය සඳහන් කරයි.