ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද(16දා) සිදුකිරීමට සැලසුම් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රික්ස් - බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව මෙම හමුව සිදුවීමට නියමිතය.
පසුව නේපාල අග්‍රාමාත්‍යවරයා සහ භූතාන අග්‍රාමාත්‍යවරයා සමගද ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මීට අමතරව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මියෙන්මාර් රාජ්‍ය අමාත්‍යවරයා සමගද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමද සැලසුම්කර තිබේ.
08 වන වරටත් පැවැත්වෙන මෙම බ්‍රික්ස් - බිම්ස්ටෙක් සමුළුවේ මෙවර සත්කාරකත්වය මෙන්ම සභාපති ධුරය දරන්නේ ද ඉන්දියාවයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සමුළුවට සහභාගී වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද සැලසුම්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.