රටේ සහ පක්ෂයේ නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වුවද ප්‍රාදේශීය මට්ටමේදී ජනප්‍රිය නායකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත්, දෙදෙනා එකට ගමන් නොකළහොත් පක්ෂයට ජයග්‍රහණයක් නොමැති බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය තුළද කලක් පක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා වුවද ජනප්‍රිය නායකයා වූයේ සජිත් ප්‍රේමදාස මහතා බවත්, එහෙත් දෙදෙනා එකට එකතුවී ගමනක් ගිය නිසා ඉකුත් මැතිවරණයේදී අනෙක් පක්ෂවලට වඩා ඉදිරියට යාමට හැකි වූ බවත් ඔහු පවසා සිටියේය.