ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය කුමක් වුවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවට ලබාදුන් පොරොන්දුව වහාම ඉටු කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ජවතාව ජනවරම ලබාදුන්නේ පොදු අපේක්ෂකයා ලෙස ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට බවත්, පොරොන්දු කඩ කර නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුවහොත් ඔහු පරාජය කිරීමට ජනතාව පෙළ ගස්වන බවද එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.