ශ්‍රී ලංකා යුද හමුදාවේ නව අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා අද (22දා) පෙරවරුවේ වැඩ භාරගත්තේය.
ත්‍රස්තවාදී සටන් පැවති මුල් සමයේදී ක්‍රියාකාරී ලෙස හමුදා මෙහෙයුම්වලට දායකත්වය ලබා දුන් සුමේධ පෙරේරා මහතා, යුද හමුදා විශේෂ බළකායේ රෙජිමේන්තු සේනාවිධායක ලෙස ද ක්‍රියා කරයි.
කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි සිසුවෙක් වූ ඔහු, 2013 වසරේ සිට මැයි 21 වැනිදා දක්වා බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති ලෙස කටුයුතු කළේය. එමෙන්ම වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති, යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, 22 සේනාංකයේ සේනාංකාධිපති ආදී තනතුරු රැසක් මේජර ජනරාල් සුමේධ පෙරේරා විසින් හොබවා ඇත.