ශ්‍රී ලංකාවේ මෑතකාලීන දේශපාලනික වෙනස්කම් සමග ඇති වී තිබෙන ස්වර්ණමය අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මෙරට ආයෝජනයට එක්වන ලෙස ඇමෙරිකානු තානාපති අතුල් කෙශප් මහතා ඇමෙරිකානු ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
ඉන්දියාවේ සිට ක්‍රියාත්මක ඇමෙරිකානු ව්‍යාපාරයන් හි නියෝජිත කණ්ඩායමක් අමතමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා මෙසේ පවසා සිටියේය.
ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ඇමෙරිකානු ව්‍යාපාරිකයන් සඳහා මෙහි ඇති විශාල ඉඩකඩ පිළිබඳව විශේෂයෙන්ම සඳහන් කළ තානාපතිවරයා, මීට පෙර කිසිම අවස්ථාවක මෙවැනි ඉඩ ප්‍රස්ථාවක් නොතිබූ බවද පවසා සිටියේය.
එසේම, මෙම ආයෝජන ශ්‍රී ලංකවේ නව රජයේ ප්රතිසන්ධාන කටයුතුවලට අවශ්‍ය වන ආර්ථික සංවර්ධනය සඳහා පිටුවහලක් වනු ඇති බවද තානාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.