මේ වනවිට පවතින පෝස්ටර් හා කටවුට් රජය විසින් ගැසූ ඒවා නොවන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එසේම තමන් තවමත් ජනපති අපේක්ෂකයෙකු නොවන බවත්, දෙසැම්බර් 08 වැනිදාට ප්‍රථම එම කටවුට් හා පෝස්ටර් ඉවත්කෙරෙනු ඇති බවත් ජනපතිවරයා පැවසීය.
අරලියගහ මන්දිරයේදී පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ප්‍රධානීන් අතර පැවැති හමුවකදී හෙතෙම මේ බව පැවසීය.
“මේ කටවුට් අපි ගහපුවා නෙමෙයි. ඒක පැහැදිලිව කියන්න ඕන. උපන්දිනයට සුබ පතපු ඒවත් තව තියෙනවා. මම නාමයෝජනා දෙනකම් අපේක්ෂකයෙක් නෙමෙයි. කටවුට් හා පෝස්ටර් 08 වැනිදාට කලින් ඉවත් කරයි” යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.