සැබෑ බලු බද්දක් ක්‍රියාත්මක කළේ බැසිල් රාජපක්ෂ මහත්මා ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ සමයේ දී බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාරණ මහතා පැවසීය.
සිය නිවසේ බල්ලන් බලාගන්නා රාජකාරියට නාවික හමුදා නිළධාරීන් අනියුක්ත කර ඔහු නාවික හමුදාවටද බලු බද්දක් අයකළ බව පරණවිතාරණ මහතා පැවසූයේ අද(06දා) කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවට එක්වෙමිනි.
මේ ආණ්ඩුව බලු බද්දක් ගැහුවේ නැහැ. ඇඟ බද්දක් ගහලත් නැ. අත්‍යාවශ්‍ය භාණ්ඩවල බදුත් අයින්කරලා තියෙනවා. හැබැයි බලු බද්ද ගැහුවේ බැසිල් රාජපක්ෂ මහත්තයා. තමන්ගේ ගෙදරට බල්ලො ගෙනත් දාලා. ඒ බල්ලෝ බලාගන්න නාවික හමුදාවේ හයදෙනෙක් ගෙදරට අනියුක්ත කරලා නාවින හමුදාවට බලු බද්දක් ගැහුවා. ඇත්ත බලු බද්දක් එයාගලා ගැහුවා. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කෑල්ලක් කඩාගන්න බලවේගයක් හදාගන්න දගලන එතුමට මෙහෙම කථාකළොත් බලුවේගයක් තමයි හදාගන්න වෙන්නේ. යැයිද හෙතෙම කීය.