2016 රාජ්‍ය වෙසක් උත්සවය හම්බන්තොට ඓතිහාසික නයිගල පුරාණ රාජමහා විහාරස්ථානය කේන්ද්‍රකොට පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආදාරච්චි මහතා විසින් ජනාධිපතිතුමාගෙන්, අග්‍රාමාත්‍යතුමාගෙන් මෙන්ම බුද්ධ ශාසන අමාත්‍යතුමාගෙන් කරන ලද විශේෂ ඉල්ලීම පරිදි මෙවර රාජ්‍ය වෙසක් උත්සවය හම්බන්තොටදී පැවැත්වීමට තීරණය කර ඇතැයි අමාත්‍යවරයා පැවසිය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය වෙසක් උත්සවයක් පවත්වන ප්‍රථම අවස්ථාව මෙයයි.