ගුණාත්මක වශයෙන් මෙරට සෞඛ්‍ය සේවය ලොව කිසිම රටක සෞඛ්‍ය සේවාවකට දෙවැනි නොවන බවද විදෙස් රටවලදී මෙරට සෞඛ්‍ය සේවාවට ඉහළ පිළිගැනීමක් ලැබෙන බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
කොළඹ ජාතික රෝහලේ 150 වැනි සංවත්සර උලෙළට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසාසිටියේය.සෞඛ්‍ය ක්ෂේත්රයට කොතෙක් දේ ලබා දුන්නද අඩුපාඩු සංහාරය කිසිම දිනක අඩුනොවන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.රෝහලේ අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කළ වෛද්‍යවරුන්ටද උපහාර තිළිණ ප්රදානය කිරීමද සිදුකෙරිණ.මිට අමතරව ජාතික සෞඛ්‍ය චතුරස්‍ර ව්‍යාපෘතිය ආරම්භ කිරීම, 150 වැනි සංවත්සර සමරු කලාපය නිකුත් කිරීම, මුල් දින කවරය හා සමරුම් ගීතය එළිදැක්වීමද මෙහි දී සිදු කෙරිණි.
ඡයා - ශමීර රාජපක්ෂ