මෙරටට බලපෑ දරුණුතම ඛේදවාචකයක් වු සුනාමි ව්‍යවසනය සිදුවී අද(26දා)ට වසර 11ක් සම්පූර්ණ වේ. සුනාමිය හේතුවෙන් වෙරළාශ්‍රීත ජනතාව දසදහස් ගණනක් එකවර මුහුදට බිලිවු අතර මගීන් දහස් ගණනක් සමග ධාවනය වෙමින් තිබූ දුම්රියක් ද මුහුදට බිළිවිය. ඒ, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ තෙල්වත්ත පෑරලිය ප්රදේශයේදීයි.
සුනාමි ඛේදවාචකය හේතුවෙන් පුද්ගලයන් දෙලක්ෂ තිස්දහසක් පමණ මුහුදට බිලිවිය. එහි වැඩිම බලපෑමක් සිදුවුයේ ඉන්දුනීසියාවටය. එහි පුද්ගලයන් එක් ලක්ෂ හැට දහසක් පමණ මුහුදට බිලිවිය. ඉන්පසු වැඩිම පිරිසක් මියගියේ ශ්රීලංකාවේය. පුද්ගලයන් තිස් පන්දහස් තුන්සිය විසි දෙදෙනෙකු සුනාමිය විසින් මෙරරටට අහිමිකළේය.
මෙම ව්‍යසනය සිහිපත් කරමින් ලංකාව පුරා විශේෂ සැමරුම් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන අතර දුම්රිය දෙපාර්තමේන්තුව මගින්ද අද (26) විශේෂ වැඩසටහනක් සංවිධාන කර තිබේ. එමෙන්ම අංක 50 දුම්රිය සුනාමියට හසුවූ පෑරලිය ප්‍රදේශයේ මිනිත්තු පහක පමණ කාලයක් නවතා යළි ගමන් ආරම්භකිරීමටද නියමිතය. අංක 50 දුම්රිය පිරිත් සජ්ජායනා කරමින් කොළඹ කොටුවේ සිට හික්කඩුව දක්වා ධාවනය කරන අතර පිළිසකර කරනලද මීට වසර 11කට පෙර සුනාමියට බිළි වූ දුම්රිය ඊට ඉදිරියෙන් ධාවනය කරවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.