කර්මාන්ත ක්ෂේත්රයේ ගුණාත්මකභාවය සහ සංවර්ධනයේ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා පරමාණු ශක්ති අධිකාරිය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයක් අද (14දා) දිනයේදී ජාතියට දායාද කර තිබේ.
ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්රමුඛ සම්භාවනීය අමුත්තන් සහ විද්වතුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය විවෘත විය.
උත්සව අවස්ථාව ඇමතූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ, නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය බිහිවීමත් සමග ශ්‍රී ලංකාවේ සිදුවන ශීඝ්‍ර සංවර්ධනයට සුවිශාල ශක්තියක් ලබාදිය හැකි බවයි. ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් මෙම සේවාව වෙනුවෙන් පුහුණු කිරීම හා එම සේවා ලබාදීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ පුහුණු හා සේවා මධ්‍යස්ථානයක් ඉදිකිරීම මෙහි ඇති සුවිශේෂීත්වයක් බවත්, බොහෝ කලක් සිහිනයක්ව පැවති න්‍යෂ්ටික තාක්ෂණයේ යහපත් යොදාගැනීමක් වන නිර්විනාශක පරීක්ෂණ ක්‍රමවේදය රටේ ස්ථාපිත කිරීම වෙනුවෙන් කැපවූ සියලුම දෙනාට ස්තූතිවන්ත වන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ ශීඝ්‍ර දියුණුවක් දැන් රටේ ඇතිවී තිබෙන බව පැවසූ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දැනුම් කේන්ද්‍රීය ආර්ථීකයක් රටේ ගොඩනැගීම වෙනුවෙන් චම්පික රණවකයන් දියත් කරන ව්‍යාපෘති ඉතා සුවිශේෂී බවත්, ඒවා කාර්යක්ෂමව සහ ඵලදායී මට්ටමෙන් පවත්වාගෙන යාමට එතුමන් කටයුතු කිරීම ඇගයිය යුතු බවත් පවසා සිටියේය.