මෙරට ප්‍රථම ආදර්ශ අප ජල පවිත්‍රාගාරය දිගනට පැමිණේ
ශ්‍රී ලංකාවේ ප්‍රථම ආදර්ශ අප ජල පවිත්‍රාගාරය දිගන මිල්කෝ කිරි පිටි කර්මාන්ත ශාලාවේදී විවෘත කර තිබේ.
ජපන් අන්තර්ජාතික සහයෝගිතා වැඩසටහන යටතේ ජපන් ආධාර මත රු.මිලියන 150 ක වියදමින් ඉදිකළ මෙම අප ජල පවිත්රාගාය විවෘත කිරීම ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කොනිචි සුගනුමා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇත.
මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ, කාලයක සිට මිල්කෝ කර්මාන්ත ශාලාවෙන් මහවැලි ගංගාවට අප ජලය මුදාහරින බවට ප්‍රදේශවාසින් මැසිවිලි නගමින් ඔවුන්ගේ විරෝධතාව ප්‍රකාශ කළ බවයි. ඒ අනුව, මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත්වීමෙන් ජයිකා ආයතනය මගින් මෙහි පිරිපහදුවක් ඇති කරමින්, ඒ ජලය පිරිසිදු කර ලබාදීම සැමට සතුටට කරුණක් ලෙස සඳහන් කළ හැකි බවද අමාත්‍යවරයා පවසා ඇත.
මෙම අවස්ථාවට ජයිකා ආයතනයේ මෙරට ප්‍රධාන නියෝජිත කියෝෂි අමාගා, ජාතික කිරි මණ්ඩලයේ සභාපති කීර්ති මිහිරපැන්න, පරිසරි අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ආර්. එම්.එච්.කේ. සේනානයක යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

