මෙරට පාරම්පරික හා පුජාවිධික නැටුම් ලොව පුරා සංචාරකයින් මවිතයට පත් කරන බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි. එබැවින් මේ වසරේ සංස්කෘතික සංරක්ෂණය සදහා වූ එක්සත් ජනපද අරමුදලින් ශ්රී ලංකාවේ විවිධ ජනවර්ග සහ සංස්කෘතීන් නියෝජනය වන පරිදි තෝරාගත් නර්තනාංග හතරක් සදහා ආධාර ලබාදීමට තීරණය කොට ඇති බව ඔවුන් නිවේදනය කර සිටියි. ඒ අනුව උඩරට වෙස් නර්තනය , පහතරට කෝලම් නර්තනය ,අදීවාසී නර්තන සහ දමිල නර්තන සංරක්ෂණය කිරීම සඳහා මෙන්ම නර්තන භාණ්ඩ සරක්ෂණය සඳහාද අරමුදල් සැපයීමට ඔවුන් එකඟවී ඇත.