පුල්මුඩේ මුහුදු ප්රදේශයේදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්රී ලාංකික ධීවරයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.
ත්රිකුණාමල නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් අදාළ ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ ඩිංගි බෝට්ටු 02ක් සහ තවත් උපකරණ කිහිපයක් නාවික හමුදා බාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ උපරණ වැඩිදුර විමර්ශන සඳහා කුච්චවේලි පොලීසියට බාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේය.