ශ්‍රී ලංකාවේ ණයබරතාව අවම කිරීම සඳහා සිය පූර්ණ සහාය ලබාදෙන බව ලොව ප්‍රබල රටවල් නිල වශයෙන් ප්‍රකාශ කළ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
මුදල් අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ අද (27දා) ඇමෙරිකාව, ජර්මනිය, ප්‍රංශය සහ එක්සත් රාජධානිය යන රටවල තානාපති සහ මහකොමසාරිස්වරු සමග මුදල් අමාත්‍යාංශයේ පැවති හමුවකින් අනතුරුවය.
මෙම රටවල් හතර, ආර්ථික වර්ධනය සහ ලෝක වෙළෙඳාම ශකිත්මත් කිරීම සඳහා 1961 වසරේ දී පිහිටුවාගත් ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ ප්‍රබල සාමාජිකයන් බවත්, රටවල් අතර ණය හුවමාරුවලදී පොලී අනුපාත සකස් කිරීමේ කටයුතුද මෙම සංවිධානය සිදුකරන බවත් පෙන්වා දෙයි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ රු.බිලියන 8,500ක් පමණ වන සමස්ත ණය ප්‍රමාණයෙන් 42%ක් විදේශ ණය ලෙස පවතින නිසා මෙම ණය බරතාවයෙන් මිදීම සඳහා දැනට ශ්‍රී ලංකාව විසින් ගෙවා දමමින් සිටින ණය මුදල්වලට අදාළ, පොලී අනුපාත අවම කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණු බව අමාත්‍යවරයා පවසයි.