කුරුණෑගලදී සිදුවූ වෙඩි තැබිමෙන් උප පොලිස් පරික්ෂකවරයෙකු මිය යෑම හා තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු මිය යෑමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු පොලීසිය විසින් හඳුනාගෙන තිබේ. එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලයි.
සැකකරු ජාතික හැඳුනුම්පත් දෙකක් භාවිත කර ඇති බවත් ඔහු පිළිබඳව තොරතුරක් දන්නේ නම් 071-2001021/011-2451633/011-2451636 යන දුරකතන අංක වලට දැනුම් දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.