රජයේ විශ්රාම වැටුප්ලාභීන්ට එම විශ්රාම වැටුප තැපැල් කාර්යාල වෙනුවට බැංකු මගින් පමණක් ලබාදීමට විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ඒ අනුව මෙම දීමනාව මේ මස සිට ක්රියාත්මක කිරීමට නියමිතය. මේ වනවිට පන් ලක්ෂ හතලිස් දහසක් දෙනා රජයේ විශ්රාම වැටුප් ලබති.
තැපැල් කාර්යාල මගින් තම විශ්රාම වැටුප ලබාගන්නේ ඒ අතරින් 65,019ක් පමණක් බවද විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.